ඉන්දියාවේ නිල සංචාරයක නිරතවී සිටි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය සිය සංචාරය අවසන් කරමින් අද දිවයිනට පැමිණ තිබෙනවා.
නිල සංචාරය සඳහා අගමැතිතුමිය පසුගිය 16 වැනිදා ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබුණා.
සිය සංචාරය අතරතුරදි ඇය, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ මෙන්ම එරට ඉහළ පෙළේ නායකයන් කිහිප දෙනෙකු සමඟද සාකච්ඡා සිදුකර තිබුණා.
එමෙන්ම, NDTV ආයතනය මඟින් සංවිධානය කළ සම්මන්ත්‍රණයක දේශනයක්ද අගමැතිනිය විසින් සිදුකර තිබුණා.
