13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු සමුපකාර ව්‍යාපාරය පළාත් සභා විෂයක් බවට පත්වීමත් සමඟ ගැටලු රැසක් මතුවූ බව අමාත්‍ය වසන්ත සමරසිංහ අද (18) දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලදී.
පසුගිය දශක දෙක තුනක කාලය තුළ සමුපකාර ව්‍යාපාරය අත්හැර දමා තිබූ අතර, ඇතැම් දේශපාලනඥයන්ගේ මැදිහත්වීමෙන් සමුපකාර දේපළ පවා අයථා ලෙස පරිහරණය කර ඇති බවට අමාත්‍යවරයා චෝදනා කළේය.
විශේෂයෙන් ඉන්ධන පිරවුම්හල් ඇතුළු සමුපකාර දේපළ සහ විවිධ සේවා සමුපකාර සමිති දේශපාලන මැදිහත්වීම් හේතුවෙන් දුර්වල වී ඇති බවද ඔහු සඳහන් කළේය.
මේ තත්ත්වය හඳුනාගෙන සමුපකාර ව්‍යාපාරය මෙරට ආර්ථිකයේ ශක්තිමත් කුළුණක් ලෙස ගොඩනැගීමට රජය තීරණය කර ඇති බවත්,
ඒ අනුව රට පුරා සමුපකාර පනතේ පවතින දුර්වලතා හඳුනාගෙන නව සමුපකාර පනතක් සකස් කිරීමට කටයුතු කරමින් සිටින බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ඒ සඳහා ආණ්ඩුකාරවරුන්, පළාත් ලේකම්වරුන්, කොමසාරිස්වරුන් සහ දිස්ත්‍රික් කොමසාරිස්වරුන් එක්කර ගනිමින් සාකච්ඡා අවසන් කර ඇති බවත්, නව නීතිමය රාමුවක් හරහා සමුපකාර ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් සඳහන් කරන ලදී.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>>>





