ශ්‍රී ලාංකික නාවිකයින් ජාත්‍යන්තර නාවික ක්ෂේත්‍රයේ රැකියා සහ පුහුණු අවස්ථා සඳහා එක්වීමේදී මුහුණ දෙන ඇමරිකානු වීසා ප්‍රතික්ෂේප ගැටලු පිළිබඳව විශේෂ සාකච්ඡාවක් 2026 මැයි 12 වන දින වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශ පරිශ්‍රයේදී පවත්වන ලදී.
මෙම සාකච්ඡාව නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති අතර, ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ නියෝජිත පිරිසක්, වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, ක්ෂේත්‍රයේ විශේෂඥයන් සහ අමාත්‍යාංශ නිලධාරීහු සහභාගී වී ඇත.
වරාය සහ ගුවන් සේවා අමාත්‍යංශය විසින් පළ කරන ලද මාධ්‍ය නිවේදනයට අනුව, උත්සවයේදී අවධානය යොමු වී ඇත්තේ, ශ්‍රී ලාංකික නාවිකයින් ජාත්‍යන්තර නැව් සමාගම්වල රැකියා සඳහා සුදුසුකම් ලැබුවද, වීසා අයදුම්පත් ප්‍රතික්ෂේප වීම හේතුවෙන් ඔවුන්ට හිමි අවස්ථා අහිමි වීම පිළිබඳවය.
එසේම දේශීය නාවිකයින්ට ජාත්‍යන්තර පුහුණු හා රැකියා අවස්ථා පුළුල් කිරීමේ රජයේ වැඩපිළිවෙළට සමගාමීව, වීසා ගැටලු කඩිනමින් විසඳා ගැනීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කර ඇත.
අදළ නිවේදනය පහතින් දක්වා ඇත.






