වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14 වන ජාතික සම්මේලනය ජනවාරි 23 දින හැනෝයිහි ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී අති සාර්ථක ලෙස පැවැත්වූ අතර මෙහි මුළසුන දරන ලද්දේ අගමැති ෆම් මින් චින් (Pham Minh Chinh) විසිනි.
මෙහිදී වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩලයට සභිකයින් 19 දෙනෙකු තේරී පත් වූ අතර පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම් තනතුරට ටෝ ලැම් (To Lam) සහෝදරයා නැවතත් තරඟයෙන් තේරී පත්වී තිබේ.
සමුළුවට ආරාධිතයින් ලෙස හිටපු පක්ෂ නායකයින්, වියට්නාම් පියවරුන්ගේ පෙරමුණේ හිටපු නායකයින්, වියට්නාම් වීර මාතාවන්ගේ නියෝජිතයින්, පක්ෂ මධ්‍යමකාරක සභාවේ හිටපු නායකයින්, විද්වතුන්, කලාකරුවන්, ආගමික නායකයින්, තරුණ සංවිධාන නායකයින්, තානාපතිවරුන්, ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයින්, විදේශ රටවල ආරාධිත අමුත්තන් ඇතුළු පිරිසක් සහභාගි විය.
මෙම සමුළුවට ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ 58ක්, ජාත්‍යන්තර සහ කලාපීය සංවිධාන 11ක්, පුද්ගලයින් 62ක්, විදේශීය සහ දේශීය සංවිධාන 120ක් සහ විදේශීය වියට්නාම සංගම් 88ක් ඇතුළුව සුබ පැතුම් පණිවිඩ 339ක් ලැබී තිබිණි.







