ජාතික විද්‍යා පදනම විසින් සංවිධාන කරන ලද “ජාතික විද්‍යා පදනම විද්‍යාව ප්‍රචලිත කිරීමේ සම්මාන උළෙල 2026” පසුගිය 18 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

මෙවර උත්සවය “කෘත්‍රිම බුද්ධිය: ස්වාභාවික ආපදාවන්ගෙන් පූර්ව ආරක්ෂාව හා ආපදාවෙන් පසු යථා තත්ත්වයට පත්වීම උදෙසා” යන තේමාව යටතේ පැවැත් වූ අතර, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.

මෙහිදී ජාතික විද්‍යා පදනම විසින් 2025 සහ 2026 වසරවල සංවිධාන කළ විවිධ තරග හා වැඩසටහන්වලදී දක්ෂතා දැක්වූ පාසල් සිසුන්, ගුරුවරුන්, විද්‍යාඥයින් සහ මාධ්‍යවේදීන් ඇගයීමට ලක් කෙරිණි.

එසේම ළමා පරිසර වේදියා වැඩසටහන, විද්‍යා පර්යේෂණ ව්‍යාපෘති තරගය, පාසල් විද්‍යා තරග, විද්‍යා ප්‍රබන්ධ හා ඩිජිටල් කතන්දර, විද්‍යා නාට්‍ය ඇතුළු ක්ෂේත්‍ර රැසක් සඳහා සම්මාන පිරිනැමුණු අතර, විද්‍යාව ප්‍රචලිත කිරීම වෙනුවෙන් විද්‍යාඥයින්, මාධ්‍යවේදීන් සහ ගුරුවරුන් සඳහා ද විශේෂ සම්මාන පිරිනැමිණි.

ඒ පිළිබඳව නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය පහතින් දක්වා ඇත.