බිම්ස්ටෙක් (BIMSTEC) සාමාජික රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ ප්‍රථම සමුළුවේ සභාපති ධුරයට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා තේරී පත්ව තිබේ.
අද (11) පෙරවරුවේ කොළඹ හිල්ටන් හෝටලයේදී මෙම සමුළුව ආරම්භ වූ අතර, ඒ හරහා කලාපීය සෞඛ්‍ය සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වගකීම ශ්‍රී ලංකාවට පැවරී ඇත.
ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, භූතානය, නේපාලය, මියන්මාරය සහ තායිලන්තය යන රටවල් හතේ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් මෙම සමුළුව පැවැත්වේ.
කලාපීය මහජන සෞඛ්‍ය ආරක්ෂාව, බෝවන රෝග පාලනය, සෞඛ්‍ය හදිසි අවස්ථාවලට මුහුණදීමේ සූදානම සහ තාක්ෂණික දැනුම හුවමාරු කරගැනීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කිරීමට නියමිත බව වාර්තා වේ.
මීට පෙර 2025 ඔක්තෝබර් මාසයේදී කොළඹ පැවති ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියානු කලාපීය කමිටු සැසිවාරයේ සභාපති ධුරයටත්, 2026 ඔක්තෝබර් මාසයේ බැංකොක් නුවර පැවති පස්වැනි ආසියා-පැසිෆික් අමාත්‍ය සමුළුවේ උප සභාපති ධුරයටත් අමාත්‍යවරයා පත්ව තිබීම විශේෂත්වයකි
