‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ, පොලිසිය විසින් ඊයේ (25) දිනයේ මත්ද්‍රව්‍ය වැටලීම් 844 ක් සිදු කර ඇති අතර එම වැටලීම්වලදී සැකකරුවන් 851 ක් අත්අඩංගුවට හා 04 දෙනෙක් පුනරුත්ථාපනයටද යොමු කළ බව පොලීසිය ප්‍රකාශ කරන ලදී.

හෙරොයින් මත්ද්‍රව්‍ය සොයා ගැනීම සඳහා සිදු කළ වැටලීම් 261 කින් හෙරොයින් කිලෝග්‍රෑම් 184 ග්‍රෑම් 778 ක්ද, අයිස් මත්ද්‍රව්‍ය සොයා ගැනීම සඳහා සිදු කළ වැටලීම් 334 ක් අතරින් අයිස් කිලෝග්‍රෑම් 116 ග්‍රෑම් 860ක්ද සොයාගෙන තිබේ.

මීට අමතරව, වැටලීම් 198 කින් ගංජා කිලෝග්‍රෑම් 02 ග්‍රෑම් 175 ක් හා ගංජා පැළ 1524 ක්ද සොයාගෙන ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

අදාළ සම්පූර්ණ වාර්තාව පහතින් දක්වා ඇත.