ඊයේ (05) දින පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස විසින් අවධාරණය කරන ලද්දේ ශ්‍රී ලංකා අනන්‍ය ආර්ථික කලාපය (EEZ) සාමකාමී කටයුතු සඳහා පමණක් භාවිතා කළ යුතු අතර, එහි යුධමය ක්‍රියාකාරකම් රටේ ස්වෛරීත්වයට හා ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවයි.

එයට පිළිතුරු ලෙස අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරන ලද්දේ රජය සහ ආරක්ෂක මණ්ඩලය මේ සම්බන්ධයෙන් දැනුවත් වන අතර ජනාධිපතිතුමා ආරක්ෂක අමාත්‍යවරයා හැටියට මැදිහත් වී සිටින බවයි.

එසේම ජීවිත හානි අවම කර ගැනීම සහ කලාපීය සාමය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවද ඔහු සඳහන් කළේය.

එසේම කටයුතු අවසන් වූ පසු සවිස්තර වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද ඔහු අවධාරණය කළේය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නැරඹිය හැකිය.