ගම්පහ දිස්ත්‍රික්කයේ තැනින් තැන තවදුරටත් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුවන බව අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාප්‍රකාශ කරන ලදී.

“අපේ ආණ්ඩුව, වසර දෙකයි රටට සුබයි” තේමාව යටතේ ගම්පහ පැවති මහා ජන රැලිය අමතමින් ඔහු සඳහන් කරාන ලද්දේ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුවන ස්ථාන පිළිබඳව දිනපතා තොරතුරු වාර්තා වන බවය.

සුළු පරිමාණයෙන් හෝ මහා පරිමාණයෙන් හෝ ගම්මාන ආශ්‍රිතව මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත සියලු දෙනාගෙන් එම කටයුතුවලින් වහාම ඉවත් වන ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

එවැනි ක්‍රියාකාරකම් හේතුවෙන් රටේ අනාගත පරපුරේ ජීවිත සමඟ තවදුරටත් සෙල්ලම් කිරීමට ඉඩ නොදෙන බවද ඔහු පැවසීය.

මීට පෙර සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ලබාදුන් පණිවිඩය මෙතෙක් භාරගෙන නොමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙත එම පණිවිඩය යළි ලබාදෙන බවද,

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>