බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය ‘අක්වාන්’ (Akvan) නමින් සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ අංශ පෙන්වා දෙයි. මෙම පද්ධතිය ඉදිරි දිනවලදී තවදුරටත් වර්ධනය වෙමින් වයඹ දෙසට ගමන් කරමින් නොවැම්බර් 20 වන දින ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් වෙරළ තීරය හරහා ගමන් කිරීමට ඉඩ ඇති බව වාර්තා වේ.
පවතින කාලගුණ තත්ත්වය හේතුවෙන් කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වන වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සහ නියමිත මුහුදු සීමාවන් තුළ නැවත දැනුම් දෙනතුරු ධීවර සහ නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙස දන්වා ඇත.
අදාළ මුහුදු ප්‍රදේශවල නිරත වන ප්‍රජාව වහාම ආරක්ෂිත ප්‍රදේශ වෙත යාත්‍රා කරන ලෙසත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසත් බලධාරීන් ඉල්ලා සිටිති.

