රුසියාවේ නිරිතදිග සයිබීරියාවේ කෙමරෝවෝ කලාපයේදී අනතුරට ලක් වූ An-12 වර්ගයේ හමුදා ගුවන් යානයෙහි ගමන් ගත් පුද්ගලයින් 19 දෙනාම ජීවිතක්ෂයට පත්ව තිබේ. රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය උපුටා දක්වමින් CNN පුවත් සේවය මේ බව වාර්තා කර ඇති අතර, මූලික පරීක්ෂණවලට අනුව මෙම ව්‍යසනයට හේතු වී ඇත්තේ තාක්ෂණික දෝෂයකි.
ජනශූන්‍ය ප්‍රදේශයකට මෙම ගුවන් යානය කඩා වැටී ඇති අතර, අනතුර සිදුවූ ස්ථානයේ සිට කලාපීය ආණ්ඩුකාර ඉලියා සෙරෙඩියුක් (Ilya Seredyuk) ටෙලිග්‍රෑම් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ හදිසි සේවා කණ්ඩායම් විසින් එහි හටගත් ගින්න සාර්ථකව නිවා දමා ඇති බවය. අනතුරට සම්බන්ධ වැඩිදුර විමර්ශන අදාළ අංශ විසින් සිදු කරමින් පවතී.
