2027 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හයදෙනෙකු ඔවුන් නියෝජනය කළ කණ්ඩායම්වලින් නිදහස් කර තිබේ. ඒ අනුව, මතීෂ පතිරණ, දිල්ෂාන් මධුශංක, දුෂ්මන්ත චමීර, වනිඳු හසරංග, පැතුම් නිස්සංක සහ කමිඳු මෙන්ඩිස් මෙලෙස මුදා හරින ලද ක්‍රීඩකයින් අතරට අයත් වෙති.

කෙසේ වෙතත්, මෙරට ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ඉදිරි තරගාවලිය සඳහා අදාළ කණ්ඩායම් විසින් තවදුරටත් රඳවා ගැනීමට පියවර ගෙන ඇත. ඒ යටතේ දසුන් ශානක රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින්ද, ඒෂාන් මාලිංග සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම විසින්ද, නුවන් තුෂාර රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින්ද රඳවාගෙන ඇති බව වාර්තා වේ.