පාස්කු ඉරුදින ප්‍රහාරයේ සැබෑ මහමොළකරුවන් කවුරුන්දැයි වත්මන් රජය දන්නා බවත්, ඉදිරියේදී ඔවුන්ට එරෙහිව නිසි නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න ප්‍රකාශ කර ඇත. ඊයේ (18) පැවති අයවැය දෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිවෙකු අසත්‍ය ප්‍රකාශ නොකළ යුතු බව සඳහන් කළ අමාත්‍ය චන්දන අබයරත්න, ප්‍රහාරයේ සැබෑ මහමොළකරුවන් පිළිබඳව තමන්ට නිසි අවබෝධයක් පවතින බවද පැවසීය

විපක්ෂය මේ සම්බන්ධයෙන් මහජනතාව නොමඟ යැවීමට උත්සාහ කළද සත්‍ය වසන් කිරීමට ඉඩ නොදෙන බවත්, ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.