රට තුළ පවතින තාර හිඟය මඟහරවා ගැනීම සඳහා විකල්ප රටවලින් තාර ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ආර්.එම්.එස්. බණ්ඩාර මහතා පවසයි. මැද පෙරදිග යුද ගැටුම් සහ හෝමූස් සමුද්‍ර සන්දිය ආශ්රිත අවහිරතා හේතුවෙන් ඉරානයෙන් මෙරටට තාර ආනයනය පසුගිය මාර්තු මාසයේ සිට අඩාල වී ඇති බව සඳහන් වේ.
මෙම තත්ත්වය හේතුවෙන් ප්‍රාදේශීය සභා මාර්ගවල සිට අධිවේගී මාර්ග දක්වා සංවර්ධන කටයුතු මාස 8ක් පමණ අඩාල වී ඇති බව ආර්.එම්.එස්. බණ්ඩාර මහතා පෙන්වා දෙයි. ශ්‍රී ලංකාවේ දේශගුණයට ගැළපෙන තාර වෙනත් රටවලින් සාම්පල ලෙස ගෙන්වා සුදුසු ඒවා ආනයනය කිරීම ආරම්භ කර ඇති අතර, ඉදිරි මාස කිහිපය තුළ අඩාල වූ සංවර්ධන කටයුතු යළි ආරම්භ කිරීමට හැකි වනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළේය.
මේ අතර, දිට්වා (Ditwah) ව්‍යසනයෙන් හානියට පත් දිවයිනේ ඒ (A) සහ බී (B) ශ්‍රේණියේ මාර්ග 490ක් පමණ තවදුරටත් ප්‍රතිසංස්කරණය කිරීමට පවතින බව මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආසිරි කරුණාවර්ධන මහතා පවසයි. එම මාර්ග ප්‍රතිසංස්කරණය සඳහා අවශ්‍ය මූලික පියවර මේ වන විටත් ගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.
දිට්වා ආපදා තත්ත්වයෙන් හානියට පත් මහා මාර්ග, දුම්රිය මාර්ග සහ පාලම් ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳව පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේTGයේ ප්‍රධාන ඉංජිනේරු ප්‍රියන්ත දීගල මහතා සඳහන් කළේ, හානියට පත් සියලු දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම ලබන වසර තුළ අවසන් කිරීමට බලාපොරොත්තු වන බවය.
