”දුප්පත්භාවයේ පිරිස වැඩි වෙන්න වැඩි වෙන්න ඒක ඒ පාලකයන්ට පාර්ලිමේන්තුව දක්වා යන්න පාවඩයක් වුණා කියලා අපි විශ්වාස කරනවා….. ඒ නිසා දුප්පත්කම අඩු කරනවා වෙනුවට මම හිතන්නේ දැනුවත් භාවයෙන්ම දුප්පත්කම වැඩි කරන එකට ගියේ ඒ නිසාදෝ කියන ප්‍රශ්නේ තියෙනවා.”

ප්‍රජා ශක්ති ජාතික වැඩසටහනට සමගාමීව ප්‍රජා සංවර්ධන කමිටු සභාපතිවරුන් හා ලේකම්වරුන් දැනුම්වත් කිරීමේ ගාල්ල දිස්ත්‍රික් වැඩසටහන ඊයේ (10) දින පැවැත්වුණු අතර එහිදී අමාත්‍ය නලින් හේවගේ තම අදහස් පළ කරන ලද්දේ එලෙසිනි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ බරපතලම ප්‍රශ්න දෙකක් වන නූගත් භාවය සහ දුප්පත් භාවය පාලකයන්ට වාසනාවක් වූ බවත් රජය විසින් මේ ආකාරයෙන් ප්‍රජා ශක්ති වැඩසටහන ඇතුළුව ප්‍රධානතම වැඩසටහන් දෙකක් ක්‍රියාත්මක කරනු ලබන්නේ මෙම ගැටළු තුරන් කිරීමට වගත් එතුමා ප්‍රකාශ කරන ලදී.

අමාත්‍යවරයාගේ සම්පුර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube චැනලයෙන් නැරඹිය හැක. >>>>>>>>>