ඉදිරි මාස හතර තුල ලංකාවට වසරකට අවශ්‍ය ගල් අඟුරු තොග සපයා ගැනීමට නොහැකි වන්නේ නම්, විදුලිය කැපීමක්
වලක්වා ගැනීමේ අවදානමකට රට මුහුණ දෙනු ඇත.

පිළිගත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුල නියමිත ප්‍රමිතියෙන් යුතු ගල් අඟුරු මිලදී ගැනීමට රජය පියවර ගත යුතුව ඇතැයි එසේ නම් නැවත රටටම බලපාන විදුලි අර්බුදයක් නොවැළක්විය හැකි වනු ඇත.

බලශක්ති අමාත්‍යංශයෙන් අකාර්යක්ෂමතාව හේතුවෙන් මේ වනවිට රටට ආනයනය කළ ගල් අඟුරු ප්‍රමිතිය පරීක්ෂා කර ගත නොහැකි වනු ඇත.
එබැවින් මෙම වසරේ අප්‍රේල් මස දක්වා කාලය තුල රටට අවශ්‍ය ගල් අඟුරු තොග ගොඩබෑම කළ යුතුය.

නමුත් මේ වන විට ගල් අඟුරු නැව් පහක් රටට පැමිණිය යුතුව ඇතත් ගෙන්වා ඇත්තේ නැව් දෙකක් පමණී. නිසි වේලාවට ගල් අඟුරු තොග ලබා ගැනීමකින් තොරව ඩීසල් විදුලි මාෆියාවට අවස්ථාව සැලසීම මෙයට පෙර අවස්ථා ගණනාවකදී සිදුව ඇති අතර නොරොච්චෝල බලාගාරයේ යන්ත්‍ර වසා දැමීම හා රෙට් විදුලි සැපයුම සීමා කිරීමද මේ නිසා සිදුව ඇත.

ප්‍රමිතියක් සහිත ගල් අඟුරු ගෙන්වා ගැනීම හා ඒවා සම්බන්ධයෙන් නිසි ප්‍රමිති වාර්තාවක් ලබා ගැනීමට නොහැකි වීම රජයේ අසමත් භාවයකි.
එයට බලශක්ති අමාත්‍යාංශය සහ ලංකා ගල් අඟුරු සමාගම වගකිව යුතුය. ගල් අඟුරු ටෙන්ඩරයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් විවිධ පාර්ශව වෙතින් එල්ල වන චෝදනා පිළිබඳ රජය පාර්ශවයෙන් කිසිදු පිළිගත හැකි පිළිතුරක් ලබාදීමට කටයුතු කර නැත.

සති දෙකක් පුරා ආනයනික ගල් අඟුරු බාර ගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීමක් ද සිදුව නැති අතර යම් ලෙසකින් මෙම ක්‍රියාවලිය
ප්‍රමාද වන්නේ නම්, රටට අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණය ගෙන්වා ගැනීමේ දැවැන්ත අර්බුදයක් මතු විය හැක.

මේ බව දිනන දකුණ සාමූහිකයෙහි ප්‍රවෘති නිවේදයෙහි ඔවුන් විසින් සඳහන් කරන ලදී.