නාමල් උයනේ 36 වැනි සංවත්සරයට සමගාමීව පැවැති වැඩසටහනකට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කාරන ලද්දේ නාමල් උයනේ පරිසර වටිනාකම ආරක්ෂා කිරීම සියලු දෙනාගේ වගකීමක් බවය.
රටේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් දෙමාපියන් දරන වෙහෙසට යම් සහනයක් ලබාදීමට මෙවැනි සමාජ සත්කාර වැඩසටහන්වලට හැකිවීම අගය කළ යුතු බවද අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.
පරිසරය ආරක්ෂා කිරීම පන්ති කාමරයකදී පමණක් ඉගෙනගත යුතු විෂයක් නොවන බව පෙන්වා දුන් ඇය, නාමල් උයන වැනි ස්වාභාවික පරිසර පද්ධති තුළින් දරුවන්ට ප්‍රායෝගික දැනුම සහ අත්දැකීම් ලබාගැනීමට හැකි බව සඳහන් කළාය.
එමෙන්ම, නාමල් උයන තමන්ගේම පාසලක් හා පන්ති කාමරයක් ලෙස සලකා එහි පරිසරය රැකගැනීමට දරුවන් ද දායක විය යුතු බව ඇය අවධාරණය කළාය.
එසේම අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් ප්‍රකාශ කරන ලද්දේ ස්වාභාවික සම්පත්වලින් ප්‍රයෝජන ගැනීම පමණක් නොව, ඒවා අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කිරීම සඳහා සියලු දෙනා මැදිහත් විය යුතු බවය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>

