අමාත්‍ය නලින්ද ජයතිස්ස ඊයේ (02) දින පැවති රජයේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ කරන ලද්දේ රටේ තෙල් ගබඩා තත්ත්වය පිළිබඳව ජනතාව කිසිදු බියක් හෝ කලබලයක් ඇති කර ගත යුතු නැති බවයි.
මෙහිදී ඔහු සඳහන් කළේ, අවශ්‍ය තෙල් සංචිත රජය සතුව ඇති අතර නියමිත කාලවලට නාවුන් පැමිණෙන බවත්, එම තොරතුරු නිශ්චිත දත්ත සහිතව පරීක්ෂා කළ හැකි බවත්ය.
සමාජ මාධ්‍ය කණ්ඩායම් සහ රූපවාහිනී නාලිකා කිහිපයක් විසින් ජනතාව අතර අනවශ්‍ය බිය හා කලබල ඇති කිරීමට උත්සාහ කරන බවත්, එවැනි ක්‍රියාමාර්ග රටට කිසිදු වාසියක් නොමැති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකශ කළේය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නැරඹිය හැකිය.





