ජාතික හා පළාත් පාසල්වල පවතින ගුරු පුරප්පාඩු පිරවීම සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමට අදාළව, පුරප්පාඩු 236ක් වෙනුවෙන් අයදුම්කරුවන් 17,688 දෙනකු සම්මුඛ පරීක්ෂණ සඳහා සුදුසුකම් ලබා ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ප්‍රකාශ කරන ලදී.
අද (23) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඇය සඳහන් කරන ලද්දේ, සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-I ශ්‍රේණියට බඳවා ගැනීමට අදාළ ක්‍රියාවලිය රාජ්‍ය සේවා බඳවා ගැනීම් හා කාර්ය මණ්ඩල කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කමිටුවේ අනුමැතිය අනුව සිදුකරන බවය.
එසේම 2022 වසරේ පළ කළ ගැසට් නිවේදනයේ කොන්දේසි සහ අදාළ අධිකරණ තීන්දු අනුව කටයුතු කිරීමට සිදුවීම හේතුවෙන් බඳවා ගැනීමේ ක්‍රියාවලිය සංකීර්ණ වී ඇති බවද ඇය පැවසුවාය.
අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කරන ලද්දේ, එක් අයදුම්කරුවකුට විෂයන් කිහිපයක් යටතේ මෙන්ම ජාතික හා පළාත් පාසල් සඳහාද අයදුම් කිරීමට අවස්ථාව ලබාදී ඇති බැවින්, පුරප්පාඩු අනුව අදියර කිහිපයකදී සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට නියමිත බවය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>

