ගල් අඟුරු තොගයට අදාළව ඉන්දියාවට යැවූ සාම්පලවල, අවශ්‍ය කරන කිලෝ කැලරි ප්‍රමාණයේ අඩුවක් ඇති බවට තහවුරු වූ බව කළුතරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ප්‍රකාශ කරන ලදී.

මෙහිදී ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ගැටලුවක් සිදුව නොමැති බවත්, පළමු මෙට්‍රික් ටොන් 60,000 මෙරටට ගෙන්වූ පසුව, ගල්අඟුරු සමාගම විසින් ඉන්දියාවට යවා සිදු කළ සාම්පල පරීක්ෂාවේදී එහි අවශ්‍ය කරන කිලෝ කැලරි ප්‍රමාණයේ අඩුවක් හඳුනාගත් බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

ලංකාවට ගොඩබෑමෙන් අනතුරුව සිදු කරන සාම්පල පරීක්ෂාවේදී ප්‍රමිතිය නොමැති නම්, අනිවාර්යයෙන් අදාළ කොටසට දඩ ගෙවීමට සිදු වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන ලද්දේ.