වැඩ කරන ජනතාවට ඕනෑම අවස්ථාවක අධ්‍යාපනය ලබාගැනීමට හැකි එකම රාජ්‍ය විශ්වවිද්‍යාලය විවෘත විශ්වවිද්‍යාලය බවත් එය ශක්තිමත් කිරීමට රජය මැදිහත් වන බව අග්‍රාමාත්‍ය ආචාරිනී හරිනි අමරසූරිය ප්‍රකාශ කරන ලදී.
ඊයේ (05) දින කුරුණෑගල විවෘත විශ්වවිද්‍යාල ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ ආචාර්ය මණ්ඩලය, පරිපාලන නිලධාරීන් සහ රාජ්‍ය නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය.
මධ්‍යස්ථානයේ ඉඩකඩ හිඟය, දේශනශාලා, යටිතල පහසුකම් සහ සනීපාරක්ෂක ගැටලු පිළිබඳව සාකච්ඡා කරමින් ඉදිරියේදී ඉඩම ලබා දීම සහ ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කරන ලදී.
අග්‍රාමාත්‍යතුමිය මාධ්‍ය වෙත අදහස් දැක්වූයේ අධ්‍යාපන ඩිජිටල්කරණය නිල වශයෙන් ආරම්භ කර ඇති බවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර වී නොමැති බවත්ය.
2027 දී 6 වන ශ්‍රේණිය සහ 2 වන ශ්‍රේණිය සඳහා ප්‍රතිසංස්කරණ සිදු කිරීමට කටයුතු යොදා ඇති අතර මේ වසරේ ආරම්භ කළ 1 වන ශ්‍රේණිය සඳහා අවශ්‍ය පොත් නිකුත් කර ඇති බවද පැවසීය.
ඉදිරි වසරේ ගුරු පුහුණුව ආරම්භ කරන බවත් ගුරු කාර්යක්ෂමතා කඩඉම් විභාග සඳහා රාජ්‍ය සේවා කොමිසමෙන් අනුමැතිය ලැබී ඇති බවත් අග්‍රාමාත්‍යතුමිය වැඩිදුරටත් පැවසීය.
විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාව විසඳීමටත් කැබිනට් අනුමැතිය හිමිව ඇති අතර එය ක්‍රියාත්මක කිරීමට අමාත්‍යංශය කටයුතු කරමින් සිටින බවද ඇය මෙහිදී වැඩිදුරටත් සඳහන් කරන ලදී.




