“පසුගිය අවුරුද්දේ අපේ අපනයන ආදායම ඩොලර් බිලියන 17.2 දක්වා ඉහළ ගියා. විදේශ සංචිතය ඩොලර් බිලියන 7.3 දක්වා වැඩි කළා”
55 වැනි අප්‍රේල් විරු සමරුවට සහභාගී වූ අවස්ථාවේදී අමාත්‍ය විජිත හේරත් මහතා, මෙසේ අදහස් දක්වන ලද්දේ පසුගිය වසරේ දේශපාලන ස්ථාවරත්වයත් සමග ආර්ථිකයේ ඉදිරියට ගිය ප්‍රගතිය පිළිබඳවයි.
එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලද්දේ, ආර්ථිකය ක්‍රමානුකූලව කළමනාකරණය කිරීමත්, මූල්‍ය විනය ගොඩනගා ගැනීමත් සමඟ විදේශ ආයෝජකයන්ට ශ්‍රී ලංකාව පිළිබඳ විශ්වාසය නැවත ඇති කළ බවයි.
ශ්‍රී ලාංකිකයන් විදේශයේ සිට රටට මුදල් එවීමේ ප්‍රමාණය ඉහළ ගොස් 2025 වසරේදී ඉතිහාසයේ වැඩිම විදේශ ප්‍රේෂණ ඩොලර් බිලියන 8.2ක් ලැබූ බවත්, එය රටේ ආර්ථිකයට විශාල ජයග්‍රහණයක් බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>





