2022 වර්ශයේ සිට කිසිඳු ඉදි කිරීමක් සිදු නොකර අතරමඟ වැඩ නතර කොට තිබූ කොළඹගේ මාවත නිවාස සංකීර්ණයෙහි නැවත වැඩ ආරම්භ කිරීම සිදු කෙරිණි. ඒ අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙනි.
මෙම අතරමග නතර කල නිවාස ඒකක 615 කින් යුත් කොළඹගේ මාවතේ මහල් නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය අද දින යලිත් වැඩ ආරම්භ කරන ලද්දේ මාස 30 ක් ඇතුලත සම්පූර්ණයෙන් සියළු වැඩ අවසන් කොට ජනතාවට ජීවත් වීමට සුදුසු පරිසර අවකාශයක් ද නිර්මාණය කරලා දෙන වගකීම ඇතුව බව අමාත්‍ය බිමල් සදහන් කරන ලදී.
මෙහිදී ආරම්භක අවස්ථාව අමතමින් එතුමා ප්‍රකාශ කරනු ලැබූයේ කොළඹ ලස්සන විය යුත්තේ ඉහළ පාන්තිකයන්ට පමණක් නොවන බවත් එය සැමට බෙදාගත හැකි, ජීවත් විය හැකි ප්‍රදේශයක් විය යුතු බවත්ය.
කොල්ලුපිටිය සහ කොළඹගේ මාවත යනු රටවල් දෙකක් වැනි බවත් මෙම පරතරය වැඩි වන විට සමාජ අසමතාවය වැඩි වන බවද අමාත්‍ය බිමල් මෙහිදී ප්‍රකාශ කරන ලදී.
එම ප්‍රකාශය අපගේ ‘webnews’ youtube චැනලයෙන් නැරඹිය හැකිය.






