සමාජය තුළ ඕනෑම යහපත් වෙනසක් හෝ ප්‍රතිසංස්කරණයක් සිදු කිරීමට යාමේදී ඊට මුහුණ දීමට සිදුවන ප්‍රතිවිරෝධතා සහ අවදානම සම්බන්ධයෙන් මෙහිදී අදහස් දක්වා තිබේ.

මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනය කිරීම, රාජ්‍ය සේවය විධිමත් කිරීම මෙන්ම වංචා දූෂණ නතර කිරීමට පියවර ගැනීමේදී, එම අක්‍රමිකතාවලින් සහ අවිධිමත් ක්‍රමවේදවලින් වාසි ලබාගත් පිරිස් නිරන්තරයෙන්ම ඊට එරෙහිව විරෝධතා මතු කරන බව පෙන්වා දෙන ලදී.

සමාජයට යහපත් දෙයක් සිදු කිරීමේදී මෙවැනි බාධක සහ ප්‍රතිරෝධයන් එල්ල වීම සාමාන්‍ය තත්ත්වයක් වුවද, එම අභියෝගයන් අවබෝධ කරගනිමින් ධෛර්යයෙන් යුතුව මැදිහත් වීම වගකීමක් බව මෙහිදී අවධාරණය කෙරිණි.

රට වෙනුවෙන් නිවැරදි සහ යහපත් දේ ක්‍රියාත්මක කිරීම සඳහා අවදානමක් ගැනීමට සිදුවුවහොත්, එම අවදානම භාරගෙන ඉදිරියට යා යුතු බවත්, එම වෙනස සමාජය තුළ ස්ථාපිත වූ පසු සියලු දෙනා එය පිළිගන්නා බවත් වැඩිදුරටත් සඳහන් විය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>