පාස්කු ඉරු දින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයට අදාළව තමන්ට පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස කර තිබූ ඉල්ලීමට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නොවැම්බර් 25 වැනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණියේය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස කළ ඉල්ලීම පිළිබඳ නියෝගය නොවැම්බර් 25 වැනිදා ප්‍රකාශයට පත් කරන බව ඉකුත් නඩුව කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබිණි.