2026 වසරේ අවසන් කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනයක් සිදු නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.
ඒ අනුව, වසරේ තෙවැනි කාර්තුවේ ක්‍රියාත්මක වූ විදුලි ගාස්තු ක්‍රමය දෙසැම්බර් අවසානය දක්වා පවත්වාගෙන යන බව කොමිෂන් සභාව නොවැම්බර් 10 වැනිදා දැනුම්දී ඇත.
ජාතික පද්ධති ක්‍රියාකරු හෙවත් NSO ඉදිරිපත් කළ මූලික පිරිවැය දත්ත අනුව අවසන් කාර්තුවේ විදුලිය සැපයීමේ පිරිවැය සියයට 2.88කින් ඉහළ යා හැකි බව කොමිෂන් සභාව නිරීක්ෂණය කර තිබිණි.
කෙසේ වෙතත්, නොවැම්බර් 9 වැනිදා ඉදිරිපත් කළ යාවත්කාලීන පිරිවැය දත්ත සහ මහජන උපදේශනයේදී ලැබුණු අදහස් හා යෝජනා සලකා බැලීමෙන් පසු ගාස්තු සංශෝධනයක් අවශ්‍ය නොවන බවට තීරණය කර ඇත.
විදුලි ජනන පිරිවැය, ජනන මූලාශ්රවල සංයුතිය, ධාරිතා පිරිවැය සහ පෙර කාලසීමාවල ආදායම් අතිරික්ත හෝ හිඟ සඳහා ගැළපීම් ඇතුළු කරුණු මෙම සමාලෝචනයේදී සලකා බලා තිබේ.

