කොළඹ මහනුවර ප්රධාන මාර්ගයේ වරකාපොළ, මාහේන ප්රදේශයේ නොවැම්බර් 7 වැනිදා සිදුවූ බස් රථ සහ වෑන් රථ අනතුරකින් තිදෙනකු මියගොස් තවත් සිව්දෙනකු තුවාල ලබා තිබේ.
පොලිසිය සඳහන් කළේ මියගිය පිරිස වෑන් රථයේ ගමන් කළ පිරිමි පුද්ගලයන් දෙදෙනකු සහ කාන්තාවක බවයි. තුවාලකරුවන් වරකාපොළ රෝහලට ඇතුළත් කර ඇත.
මහනුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් සහ ප්රතිවිරුද්ධ දිශාවට ගමන් කළ වෑන් රථයක් මෙලෙස ගැටී තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ ප්රදේශයට තද වැසි පැවති බවද පොලිසිය පවසයි.
අනතුරට හේතුව සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්රියාත්මකය.





