රුපියල් මිලියන 500ක මුදලක් වැය කරමින් මෙට්‍රික් ටොන් 10ක ධාරිතාවයෙන් යුත් වී වේලන යන්ත්‍ර 50ක් දිවයිනේ සමුපකාර සමිති වෙත ලබාදීමට පියවර ගෙන තිබේ.

වී අස්වැන්න නිසි ප්‍රමිතියෙන් ආරක්ෂා කර ගැනීම, අස්වනු පසු හානි අවම කිරීම සහ ගොවීන්ට කඩිනම් හා කාර්යක්ෂම සේවාවක් සැපයීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු ලෙස සඳහන් වේ.

මෙම යන්ත්‍ර සමුපකාර සමිති හරහා ක්‍රියාත්මක කෙරෙන අතර, අස්වනු සමයේ වී වේලීමේ පහසුකම් වැඩිදියුණු කිරීමෙන් ගොවීන්ට වැඩි වටිනාකමක් සහිත අස්වැන්නක් වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එමෙන්ම, නව තාක්ෂණික පහසුකම් ග්‍රාමීය මට්ටමට හඳුන්වාදීම මඟින් වී ගබඩා කිරීමේ හා අලෙවිකරණ ක්‍රියාවලියද වඩාත් කාර්යක්ෂම වනු ඇති බව වගකිවයුතු පාර්ශ්ව පෙන්වා දෙයි.