රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමේ අරමුණින් නව බඳවා ගැනීම් සහ උසස්වීම් ක්‍රමවත් ලෙස යළි ආරම්භ කරමින් සිටින බව අමාත්‍ය උපලි පන්නිල ප්‍රකාශ කළේය.
ඔහු පැවසුවේ, වත්මන් ආණ්ඩුව බලයට පත්වන අවස්ථාවේ රාජ්‍ය සේවයේ සේවක සංඛ්‍යාව ලක්ෂ 12කට ආසන්න වූ අතර, මේ වන විට ද නව බඳවා ගැනීම් ක්‍රියාත්මක කරමින් සිටින බවයි.
අමාත්‍යවරයා සඳහන් කළේ, පෙර කාලයේ නව බඳවා ගැනීම් සහ උසස්වීම් නතර වී තිබූ බවත්, එම තත්ත්වය වෙනස් කර රාජ්‍ය සේවය යළි ස්ථාවර හා කාර්යක්ෂම සේවාවක් බවට පත් කිරීම රජයේ අරමුණ බවත්ය.
කෙසේ වෙතත්, එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී රටේ ආර්ථික තත්ත්වය සහ ගෝලීය ආර්ථික පසුබිම සැලකිල්ලට ගනිමින් පියවර ගන්නා බව ද ඔහු පැවසීය.
තවද, රාජ්‍ය සේවය කෙරෙහි විශ්වාසය යළි ගොඩනඟමින් එය ශක්තිමත් කිරීම සඳහා රජය අඛණ්ඩව කටයුතු කරන බව අමාත්‍ය උපලි පන්නිල වැඩිදුරටත් සඳහන් කළේය.

