මෙම වසරේදී තැපැල් දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 15,000ක ආදායම් ඉලක්ක පහසුවෙන් සපුරා ගත හැකි වන බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අමාත්යවරයා මේ බව පැවසුවේ රුපියල් මිලියන 5.1ක මූල්ය ප්රතිපාදන මත ප්රතිසංස්කරණය කරන ලද මඩවල උල්පත තැපැල් කාර්යාලය ඊයේ (22) දින විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
පසුගිය වසරේදී රුපියල් මිලියන 2,000ක් පමණ තැපැල් දෙපාර්තමේන්තුවේ උන්නතිය වෙනුවෙන් වෙන් කරමින් රුපියල් මිලියන 13,450ක ආදායමක් උත්පාදනය කිරීමට හැකි වූ බවත් ඒ අනුව මෙම වසරේදී රුපියල් මිලියන 15,000ක ආදායම් ඉලක්ක සපුරාගත හැකි වනු ඇති බවද අමාත්යවරයා මෙහිදී සඳහන් කළේය.
තවද තැපැල් සේවාව නව්යකරණයට සහ සංවර්ධනයට පියවර ගනිමින් සිටින බව පැවසූ අමාත්යවරයා සඳහන් කර සිටියේ ඒ අනුව මධ්යම තැපැල් හුවමාරුව සඳහා ආරක්ෂිත කැමරා 209ක් මිලදී ගැනීම සඳහා මිලියන 27ක්, පරිගණක යන්ත්ර 225ක් මිලදී ගැනීම සඳහා 74ක් සහ ටැබ් පරිගණක 1,500ක් මිලදී ගැනීම සඳහා මිලියන 101ක්ද වෙන් කර ඇති බවය.







