රණවිරු සේවා අධිකාරියේ සභාපතිවරයා පැවසූයේ, මෙවර 17 වන ජාතික රණවිරු සැමරුම් උළෙල 2026 මැයි 19 වන අඟහරුවාදා දින, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සහභාගීත්වයෙන් බත්තරමුල්ල ජාතික රණවිරු ස්මාරකය අසල පැවැත්වීමට නියමිතව ඇති බවයි.
අද (14) දින පැවැති ජාතික රණවිරු දින සැමරුම් උත්සවය පිළිබදව දැනුවත් කිරීමේ රජයේ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව ප්‍රකාශ කරන ලදී.
මෙවර සැමරුමේ විශේෂත්වයක් ලෙස උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් යුද්ධයට එක්වූ ද්‍රවිඩ සහ මුස්ලිම් රණවිරුවන්ගේ ඥාතීන්ද උත්සවයට සහභාගී කරවා ගැනීමටද සැලසුම් කර ඇති බවද ඔහු ප්‍රකාශ කරන ලදී.
සභාපතිවරයා සඳහන් කළේ, ඔවුන්ගේ සම්බන්ධතාවය පෙර අවස්ථාවල අඩුවෙන් පැවති අතර, මේ වසරේදී විශේෂ අවස්ථාවක් සලසා 30කට ආසන්න පවුල්වලින් 19ක් සනාථ කරමින් ජනාධිපතිතුමා සමග ගෞරවය පුද කිරීමට අවස්ථාව ලබා දී ඇති බවයි.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>





