අත්හිටුවා තිබූ මීනගයා දුම්රිය අද (23) දින සිට නැවත ධාවනයට එක් කර තිබේ.

දිට්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් මෙම දුම්රිය ධාවනය කිරීම අත්හිටුවා තිබුණි.

ඒ අනුව, දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළ ආකාරයට මෙම දුම්රිය අද සවස 7:00 ට කොළඹ කොටුවෙන් මඩකලපුව බලා පිටත් වීමට නියමිතය.

අදාළ නිවේදනය පහතින් දක්වා ඇත.