මිල්කෝ ආයතනය භාරගන්නා අවස්ථාවේදී රුපියල් ලක්ෂ 35,000ක පමණ ණය ගෙවීමට තිබූ බවත්, එම සියලු ණය මේ වනවිට ගෙවා අවසන් කර ඇති බවත් අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.
අද (07) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කරන ලද්දේ, එම කාලයේ ගොවීන්ට ගෙවිය යුතු මුදල් පවා ලබාදී නොතිබූ බවය.
මිල්කෝ ආයතනය භාරගෙන මාස කිහිපයක් ඇතුළත ණය ගෙවා අවසන් කිරීමට හැකි වූ බවත්, පාඩු ලබමින් තිබූ ආයතනය ඉදිරියට ගෙන ඒමට කටයුතු කළ බවත් ඔහු පැවසීය.
එමෙන්ම, පසුගිය දෙසැම්බර් වනවිට මිල්කෝ සේවකයින් 1,228 දෙනෙකුට රුපියල් 75,000 බැගින් ප්‍රසාද දීමනා ලබාදුන් බවත්, ගොවීන් වෙනුවෙන් රුපියල් කෝටි 18ක ප්‍රසාද දීමනාවක් ලබාදුන් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
එසේම මෙරට කිරි නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත කිරීම සඳහා සැලසුම් සහගත වැඩපිළිවෙළක් යටතේ කටයුතු කරමින් සිටින බවද අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.





