සමුපකාර බැංකුවල තැන්පත් කළ මුදල් ආපසු ලබා ගැනීමට නොහැකිව ජනතාව අපහසුතාවට පත්ව ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද්‍රානි කිරිඇල්ල අද (07) පාර්ලිමේන්තුවේදී අවධානය යොමු කළාය.

ඊට පිළිතුරු ලබාදෙමින් අමාත්‍ය වසන්ත සමරසිංහ සඳහන් කරන ලද්දේ, මේ වනවිට සමුපකාර බැංකු 68ක මූල්‍ය වංචා සම්බන්ධ තොරතුරු වාර්තා වී ඇති බවය.

මෙම තත්ත්වය හේතුවෙන් නව සමුපකාර බැංකු ආරම්භ කිරීමට අවසර ලබා නොදෙන ලෙස පළාත් සමුපකාර ආයතන වෙත දැනුම් දී ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

ශ්‍රී ලංකාව පුරා ග්‍රාමීය බැංකු සමිති 600කට වැඩි ප්‍රමාණයක් පවතින අතර, ඒවායේ සිදුවී ඇති මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක බවද ඔහු සඳහන් කළේය.

වංචාවලට සම්බන්ධ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සහ කළමනාකරුවන්ට එරෙහිව විනය හා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත්, පරීක්ෂණ අවසන් වූ පසු ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් අමාත්‍ය වසන්ත සමරසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>>>