මැනින් වෙළඳපොළ තුළ පළතුරු ඉදවීම සඳහා තිබූ නිසි ක්‍රමවේදය අහිමි වීම හේතුවෙන් බරපතළ ගැටලුවක් මතුව ඇති බව අමාත්‍ය අශෝක රන්වල පවසයි.
අද (07) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කරන ලද්දේ, කොළඹ මැනින් වෙළඳපොළ පෑලියගොඩට රැගෙන යාමේදී පළතුරු ගබඩා කිරීම සහ එතලීන් වායුව භාවිතයෙන් ප්‍රමිතියට අනුව පළතුරු ඉදවීම සඳහා කාමර 20ක් වෙන් කර තිබූ බවය.
එහෙත් පසුව එම කාමර පළතුරු වෙළඳුන්ගේ අවශ්‍යතා සඳහා ලබාදීම හේතුවෙන් නිසි පළතුරු ඉදවීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බව ඔහු පැවසීය.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, පාරිභෝගික අධිකාරිය හෝ නීති පමණක් මගින් මෙම ගැටලුව විසඳිය නොහැකි බවත්, සමාජයක් ලෙස සියලු පාර්ශ්ව එක්ව තාක්ෂණික ක්‍රමවේදයක් වෙත යා යුතු බවත්ය.
දරුවන්ගේ සහ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් වස විස සහිත ක්‍රමවේදයන් වෙනස් කිරීම අත්‍යවශ්‍ය බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>>>





