කිසිවකු අත් නොහරින සහ ආචාර ධර්ම මූලික කරගත් කෘතිම බුද්ධිය පිළිබඳ පොදු වටිනාකම් බෙදා ගනිමින්, අන්‍යෝන්‍ය වශයෙන් ඉගෙන ගැනීමට සහ හවුලේ ඉදිරියට යාමට ශ්‍රී ලංකාව සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
ඒ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ ආරාධනයකට අනුව අද (19) දින සහභාගි වූ AI Impact Summit 2026 සමුළුව අමතමිනි.
බොහෝ නැඟී එන ආර්ථිකයන් මෙන්ම ශ්‍රී ලංකාවත් AI තාක්ෂණය සම්පූර්ණ ලෙස භාවිත කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් තවමත් සම්පූර්ණ කරගෙන නොමැති බවත්, නමුත් තරුණ, තාක්ෂණික දැනුමෙන් සන්නද්ධ මානව සම්පතක් ශ්‍රී ලංකාව සතු බවත් ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
එසේම ශ්‍රී ලංකාව ජාතික මෙන්ම කලාපීය මට්ටමේ අවශ්‍යතා ද සපුරාලීමට හැකියාව ඇති AI දත්ත යටිතල පහසුකම් සංවර්ධනය කිරීම පිළිබඳව ගවේෂණය කරමින් සිටින බව මෙන්ම,
ඉන්දියාව සහ අනෙකුත් රාජ්‍යයන් සමඟ සමීපව කටයුතු කරමින් තිරසාර, ආරක්ෂිත සහ අනාගතයට සූදානම් කලාපීය AI දත්ත මධ්‍යස්ථාන ධාරිතාවන් ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකාවට විශාල විභවයක් තිබෙන බව ද වැඩිදුරටත් සඳහන් කළේය.







