අද (20) දින පාර්ලිමේන්තු සැසි වාරයේදී ජනපතී අවධාරණය කරන ලද්දේ ලෝකය පුරා විවිධ රාජ්‍යයන් අතර ඇතිවෙන අභියෝගයන් පිළිබඳව සාකච්ඡා කරන අතර, ශ්‍රී ලංකාවට අදාළව මධ්‍යස්ථභාවය ආරක්ෂා කිරීම තමන්ගේ ස්ථාවරය බව ඔහු පැහැදිලි කළේය.
ඔහු සඳහන් කරන ලද්දේ මව්බිමේ ගෞරවය, යුක්තිය සහ ජාත්‍යන්තර පිළිගැනීම රැකගත හැක්කේ මධ්‍යස්ථභාවය ආරක්ෂා කිරීමෙන් පමණක් වගයි.
ඉරානය විසින් 2026 මාර්තු 13 සහ 26 දින ශ්‍රී ලංකාවට නාවික යාත්‍රා ගෙන ඒමට ඉල්ලීමක්ද, එක්සත් ජනපදය එම දිනයේදී ජිබුටි ආසන්නයේ සිටින නාවික හමුදාවට අයත් ප්‍රහාරක ගුවන් යානා දෙකක් මත්තල ගුවන් තොටුපලට පැමිණීමට අවසරද ඉල්ලා සිටි බවත් නමුත් රජය මෙම ඉල්ලීම් දෙකම ප්‍රතික්ෂේප කළ බවත් එතුමා සදහන් කළේය.
මෙම තීරණය ගැන විස්තර කරන අතර ඔහු පැහැදිලි කළේ, යුද ගැටුම් සහ ගැටුම් සංඥාවන් මතු වූ අවස්ථාවකදී එක් පාර්ශ්වයකට අවසර ලබා දීම හෝ වෙනත් පාර්ශ්වයකට ඉඩ දීම ශ්‍රී ලංකාවේ මධ්‍යස්ථභාවය ගිලිහෙන අවදානමක් ඇති කරන බවයි.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>





