අද (20) දින පාර්ලිමේන්තු සැසි වාරයේදී ජනපති ප්‍රකාශ කරන ලද්දේ ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර වේදිකාවට යුක්තිය සහ සාධාරණත්වය පිළිබඳ සටන් පාඨය ගෙන යන අතර, සියලු ක්‍රියාකාරකම්, ප්‍රතිපත්තීන්, තීන්දු තීරණ සහ සම්මුතීන් මධ්‍යස්ථභාවය ආරක්ෂා කරමින් සිදු කරන බවයි.
එතුමා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් වන අසත්‍ය චෝදනා සහ බොරු කතා පිළිබඳව දැඩි විවේචනයක් කරමින්, එවැනි ප්‍රකාශයන් රටේ ජාත්‍යන්තර ගෞරවයට හානි කරන බවත්, අන්ත ප්‍රතිගාමී ක්‍රියාවක් බවද සඳහන් කළේය.
එසේම ඉදිරියටත් රටෙහි ගැටළු ඩීසල්, ආහාර සහ අනෙකුත් අභියෝග පිළිබඳව සත්‍යය හා වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙසද ජනපති අනුර කුමාර දිසානායක මෙහිදී මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියහ.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>




