ඊයේ (11) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ රජයේ මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දක්වමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරන ලද්දේ, මන්ත්‍රීවරුන්ට සහ ඇතැම් රජයේ නිලධාරීන්ට ලබාදෙන ඉන්ධන දීමනාව ඉන්ධන මිල අනුව ගණනය කිරීම හේතුවෙන් එම දීමනාවේ වෙනසක් සිදුව ඇති බවය.
මන්ත්‍රීවරුන් සඳහා දිස්ත්‍රික්කය අනුව වෙනස් ඉන්ධන ප්‍රමාණයක් නියම කර ඇති අතර, එම ප්‍රමාණයට අදාළ මුදල පවතින ඉන්ධන මිල අනුව ගණනය කරන බව ඔහු පැවසීය.
උදාහරණයක් ලෙස කොළඹ දිස්ත්‍රික්කයට ඉන්ධන ලීටර් 283ක්ද, යාපනය දිස්ත්‍රික්කයට ලීටර් 69ක්ද ලෙස ප්‍රමාණයන් නියම කර ඇති බවද සඳහන් කළේය.
අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලද්දේ 2026 මාර්තු මාසයේ සිට ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් දීමනා වැඩිවිය හැකි තත්ත්වයක් පැවතියද, එම අවස්ථාවේදී මාර්තු 1 දින පැවති ඉන්ධන මිල පදනම් කරගෙන ගණනය කිරීම් සිදු කළ බවය.
එසේම ජූලි 1 සිට නව ගණනය කිරීමේ ක්‍රමය අනුව ඉන්ධන මිල වැඩි වුවහොත් දීමනාව වැඩි වන අතර, මිල අඩු වුවහොත් දීමනාවද අඩු වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරන ලදී.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>>>





