”මන්ත්‍රී වැටුප් වැඩි කර නැහැ.” – නලින්ද ජයතිස්ස. – 12.08.2026

ඊයේ (11) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ රජයේ මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දක්වමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරන ලද්දේ, මන්ත්‍රීවරුන්ට සහ ඇතැම් රජයේ නිලධාරීන්ට ලබාදෙන ඉන්ධන දීමනාව ඉන්ධන මිල අනුව ගණනය කිරීම හේතුවෙන් එම දීමනාවේ වෙනසක් සිදුව ඇති බවය. මන්ත්‍රීවරුන් සඳහා දිස්ත්‍රික්කය අනුව වෙනස් ඉන්ධන ප්‍රමාණයක් නියම කර ඇති අතර, එම ප්‍රමාණයට...