‘දිට්වා’ සුළි කුණාටුවෙන් විනාශයට පත් දිවයින පුරා ආගමික සිද්ධස්ථාන යළි ගොඩනැඟීමේ ‘‘ගොඩනඟමු අධිෂ්ඨානයේ සංහිඳ’’ ජාතික වැඩසටහන මාතලේ දිස්ත්‍රික්කය තුළ ආරම්භ කිරීමේ අවස්ථාව ඊයේ (27) පස්වරුවේ මාතලේ කවටයාමුණ පුරාණ රජමහා විහාරස්ථානයේදී පැවැත්වූයේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනි.
ආණ්ඩුවක වගකීම ජනතාව බලා ගැනීම බවත්, රටක් ලෙස අත්කර ගන්නා සියලු ආර්ථික ප්රතිලාභ ජනතාව සහ සමාජය වෙත ගලා යාමට සැලැස්වීමෙන් රජය මේ වන විට එම කාර්යය ආරම්භ කර තිබෙන බවත් මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා රටේ මධ්‍ය කඳුකරය පිළිබදවද විශේෂ අවධානයක් යොමු කරන ලදී.
එහිදී මධ්‍යම කඳුකරය අපේ රටේ ආර්ථිකයේ හදවත බව සඳහන් කරමින් එතුමා ප්‍රකාශ කරන ලද්දේ මෙම වසර ඇතුලත නව අධිකාරියක් පිහිටුවන බවත් මධ්‍යම කඳුකරය මුලුමනින්ම එම අධිකාරිය විසින් බලාගත යුතු බවත්ය.
එසේම සියලු සැලසුම් සඳහා එම අධිකාරියෙන් අවසර ලබාගත යුතු අතර එම අධිකාරියට විශාල බලතල ප්‍රමාණයක් ලැබෙන බවත් එතුමා වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී.
එම ප්‍රකාශය අපගේ ‘webnews’ youtube චැනලයෙන් දැන් නැරඹිය හැකිය.





