දකුණු ආසියානු පාපන්දු ශූරතාවලියේ ශ්රී ලංකාව සහ සත්කාරක බංග්ලාදේශය අතර තරගය නොවැම්බර් 11 වැනිදා ඩකා ජාතික ක්රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. ශ්රී ලංකාව මෙම තරගයට පිවිසෙන්නේ භූතානය සමඟ පැවති ආරම්භක තරගය ගෝල 2–2ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් කිරීමෙන් පසුවය.
නොවැම්බර් 8 වැනිදා පැවති එම තරගයේදී ඔලිවර් කෙලාර්ට් සහ වසීම් රසීක් ශ්රී ලංකාව වෙනුවෙන් ගෝල ලබාගත්හ. පළමු අර්ධය අවසානයේ ගෝල 2–1ක් ලෙස ඉදිරියෙන් සිටියද, දෙවැනි අර්ධයේදී භූතානය ලකුණු සම කළේය.
මේ අතර තරගාවලියේ මූලික වටයට වීඩියෝ සහායක විනිසුරු තාක්ෂණය හෙවත් VAR යොදා නොගැනීම ගැන ශ්රී ලංකා ප්රධාන පුහුණුකරු අබ්දුල්ලා අල් මුතයිරි කනස්සල්ල පළකර තිබේ. තම කණ්ඩායමට දඬුවම් පහරක් ලැබිය යුතුව තිබූ බව ඔහු පැවසුවද, ගෝල ලබාගැනීමේ අවස්ථා කිහිපයක් ශ්රී ලංකාවට මඟහැරුණු බවද පිළිගත්තේය.
කණ්ඩායම් අවසන් පූර්ව වටයට තෝරාගැනෙන මෙම කාණ්ඩයේ ශ්රී ලංකාවට ඉතිරිව ඇති බංග්ලාදේශ තරගය වැදගත් වනු ඇත.





