අනාගතය ඔබයි, ඉගෙන ගන්න – හෙට දිනන්න” අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කතිකාව, කළුතර දිස්ත්‍රික් සම්මන්ත්‍රණය අද (31) දින බණ්ඩාරගම මෛත්‍රී ශාලාවේදී පැවැත්විය.

මෙහිදි අදහස් දැක්වූ අමාත්‍ය අනුර කරුණාතිලක සදහන් කරන ලද්දේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියවලිය ක්‍රියත්මක කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් සඳහා 2026 අයවැය මගින් රු.මිලියන 17 500 ක් වෙන්කර ඇති බවයි.

එසේම මෙම වසරේ පෙබරවාරි මස වන විට පාසල් 2498ක් සදහා smart phones ද ,2026 වසර තුළදී ගාස්තු සදහා මසකට රු.5000ක්ද සමගින් පාසල් 1873කට වේගවත් අන්තර්ජාල පහසුකම්ද, පරිගණක පහසුකම් නැති පාසල් සදහා පරිගණකද ආදී ලෙස අවශ්‍ය යටිතල පහසුකම් සහ පරිපාලන ව්‍යුහයක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් සිටින බව අමාත්‍යවරයා මෙහිදි වැඩි දුරටත් සඳහන් කරන ලදී.

සම්පූර්ණ වීඩියෝව අපගේ ‘webnews’ youtube චැනලයෙන් නරඹන්න >>>>>>