රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
මාධ්‍ය අමතමින් රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කර සිටියේ “විශේෂඥ වෛද්‍යවරුන් රට තුළ සිටියත් නැතත් එකයි අවශ්‍ය අය යන්න” යනුවෙන් සිදු කරන ප්‍රකාශ වලින් සෞඛ්‍ය ඇමතිවරයාගේ වගකීම් විරහිත බව පෙන්නුම් කරන බවයි.
“විශේෂඥ වෛද්‍යවරු මේරටේ හිටියත් එකයි, ශ්‍රේණි වෛද්‍යවරු හිටියත් එකයි, යන්න ඕන අය යන්න යනුවෙන් සෞඛ්‍ය ඇමතිවරයා තැන තැන ගොස් කරන ප්‍රකාශවලින් ම අපට පෙනෙන්නේ ඔහුගේ වගකීම් විරහිත බව බවත් ඔහු ගැන අපට ඇත්තේ අනුකම්පාවක් බවත් රජයේ වෛද්‍ය සංගමයේ මාධ්‍ය ප්‍රකාශක විසින් ප්‍රකාශ කරනු ලැබීය.
“මෙතරම් බරපතල, මෙතරම් වගකීම් විරහිත ප්‍රකාශ නිකුත් කළහැකි සෞඛ්‍ය ඇමතිවරයෙක්, රටක බරපතල රටක සංවේදි ක්ෂේත්‍රයක සෞඛ්‍ය අමාත්‍යවරයා විදියට වැඩකරන්නේ කෙසේද යනුවෙන් අපට ඇත්තේ බරපතල ප්‍රශ්ණයකි” යනුවෙන් තම කණස්සල්ල පලකර ඔහු
රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ මධ්‍යම කාරකසභාවෙන් ඔවුන්ට ලැබණු උපදෙස්මත, එළඹෙන සදුදා, එනම් පෙබරවාරි 2 දින පෙ.ව.8 සිට ලංකාවේ විශේෂඥ වෛද්‍යවරු යොදාගෙන කරනු ලබන ආවරණ රාජකාරිවලින් ඉවත්වී ඔවුන් අනුයුක්ත කර ඇති රාජකාරි ස්ථානයේ පමණක් සේවය කිරීමට තීරණය කර ඇති බව දන්වා සිටියේය.
සම්පූර්ණ වීඩියෝ අපගේ යූටියුබ් චැනලයෙන් නරඹන්න >>>>>>



