2025 ජනවාරි 6 වැනිදා පාර්ලිමේන්තුව සම්මත කළ යෝජනාව අනුව පළාත් සභා ඡන්දෙට අදාළ කාරක සභාවට ලබාදී ඇති කාලය 2026 දෙසැම්බර් 17 දක්වා දීර්ඝ කරන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් වී තිබිණි.
ඒ සම්බන්ධයෙන් විපක්ෂය විසින් අද (11) දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලද්දේ, පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීම සඳහා පත්කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කාලය තවදුරටත් දීර්ඝ කිරීමට විරෝධය පළ කරන බවය.
එයට පිළිතුරු ලෙස අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරන ලද්දේ පළාත් සභා මැතිවරණය කල් දැමීමට ආණ්ඩුවට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත්, නියමිත පරිදි මැතිවරණය පැවැත්වීමට සූදානම් බැවින් ඒ සඳහා අවශ්‍ය පාර්ලිමේන්තු කටයුතු අවසන් කළ යුතු බවත්ය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>




