42 වන ජාතික මීලාද්–උන් නබි රාජ්‍ය මහෝත්සවය ඊයේ (26) මීගමුව අල්–හිලාල් මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු අතර, ඒ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායකද එක්විය.

මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කරන මෙරට නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සමාජය තුළ දීර්ඝ කාලයක් තිස්සේ විවිධ මත පැවති බවය.

ධනය හා බලය ඇති පුද්ගලයන් හට මෙන්ම ඇතැම් ආගම් හෝ සංස්කෘතීන්ට අදාළ පුද්ගලයන් හට නීතිය ක්‍රියාත්මක නොවන බවට සමාජ මතයක් පැවති බවත්, එම මතය ඇතිවීමට අතීත අත්දැකීම් බලපා ඇති බවත් ජනාධිපතිවරයා පැවසීය.

දියුණු රටක් ගොඩනැගීමට නම් නීතිය ඉදිරියේ සියලුදෙනා සමාන වීම අත්‍යවශ්‍ය බව අවධාරණය කළ ඔහු, පුද්ගලයෙකු බලවත්ද දුබලද, ධනවත්ද දුප්පත්ද, ඔහුගේ ආගම හෝ සංස්කෘතිය කුමක්ද යන්න නොසලකා නීතිය සමානව ක්‍රියාත්මක විය යුතු බව සඳහන් කළේය.

වර්තමානයේ රජය නීතිය ඉදිරියේ සියලුදෙනා සමාන බවට ජනතාව තුළ විශ්වාසයක් ගොඩනඟමින් සිටින බවද ජනපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>>>