එයාර්බස් ගනුදෙනුවට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා දෙසැම්බර් 2 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (19) නියම කළේය.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර තිබූ අධිචෝදනා පත්ර භාර දීමද මෙම නඩු වාරයේදී සිදු විය.
ඉන් අනතුරුව, විත්තිකාර නාමල් රාජපක්ෂ මහතාට ඇප ලබා දීමට තරම් සුවිශේෂී කරුණු ඉදිරිපත් නොවන හෙයින් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන බව ත්රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේය. ඒ අනුව මෙම නඩුව යළි දෙසැම්බර් 2 වැනිදා කැඳවීමට නියම කෙරිණි.

