කොම්පඤ්ඤවීදියේ පිහිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ අද (19) පස්වරුවේ හටගත් සුළු ගින්න මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව සඳහන් වේ.

ගොඩනැගිල්ලේ බිම්මහලේ පිහිටි මධ්‍යම වායුසමීකරණ පද්ධතියේ ඇති වූ හදිසි සුළු ගිනිගැනීමක් හේතුවෙන් අද (19) පස්වරුවේ මෙම තත්ත්වය හටගෙන තිබිණි. ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ දෙකක් යොදවා තිබූ අතර, මේ වන විට තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කර ඇත.

මෙම සිදුවීම හේතුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්යාල කටයුතු සඳහා කිසිදු බාධාවක් සිදුවී නොමැති අතර, දෙපාර්තමේන්තුවේ දෛනික කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවද වාර්තා වේ.