න්‍යෂ්ටික ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය පිළිබඳ ජාත්‍යන්තර ප්රමිතීන් පවත්වා ගැනීමට ශ්‍රී ලංකාව දැඩි කැපවීමකින් කටයුතු කරන බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පැවසීය.
ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව (SLAERC) සහ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA) එක්ව සංවිධානය කළ න්‍යෂ්ටික අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ කලාපීය පුහුණු වැඩමුළුව ආරම්භ කරමිණි.
මෙම වැඩමුළුව ජූලි 17 දක්වා කොළඹදී පැවැත්වේ.
විකිරණශීලී ද්‍රව්‍ය සම්බන්ධ අනවසර ක්‍රියාකාරකම් හඳුනා ගැනීම, විමර්ශන හැකියාවන් වර්ධනය කිරීම සහ න්‍යෂ්ටික ආරක්ෂාව ශක්තිමත් කිරීම මෙම පුහුණුවේ ප්‍රධාන අරමුණු වේ.
අමාත්‍යවරයා පැවසුවේ න්‍යෂ්ටික හා විකිරණශීලී ද්‍රව්‍යවල අනිසි භාවිතය හමුවේ විද්‍යාත්මක සහ තාක්ෂණික දැනුම අත්‍යවශ්‍ය බවත්, මෙවැනි පුහුණු වැඩසටහන් මඟින් කලාපීය රටවල ප්‍රතිචාර දැක්වීමේ හැකියාව තවදුරටත් ශක්තිමත් වන බවත්ය.
මෙම වැඩසටහනට IAEA නියෝජිතයන් සහ මැලේසියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, මියන්මාරය, මොන්ගෝලියාව, වියට්නාමය ඇතුළු රටවල විශේෂඥයෝ සහභාගී වූහ.





