ඊයේ (07) දින පැවති පාර්ලිමේන්තු සැසි වාරයේදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය උතුරු පළාතේ ගුරු පුරාපාඩු පිළිබඳව තම අදහස් පළ කරන ලදී.
මෙහිදී එතුමිය සඳහන් කරන ලද්දේ, කිලිනෝච්චි, මනාරම, වනිය සහ මුලතිව් දිස්ත්‍රික්කවල ගුරු හිඟය දැඩි ලෙස පවතින බවත්, එම ප්‍රදේශවල ගුරු පුරාපාඩු විසඳීමට රජය ක්‍රියාත්මක වන බවත්ය.
අග්‍රාමාත්‍යවරිය පැහැදිලි කළේ, යාපන දිස්ත්‍රික්කය තුළ ගුරු පිරිස වැඩි වීම නිසා ස්ථානගත කිරීමේදී අසමතුලිතතාවයක් ඇතිවී ඇති බවත්, එය සංස්කෘතික පුරුද්දක් ලෙස පවතින බවත්ය.
මේ සඳහා රජය විසින් යෝජනා සහ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් පවතින බවත්, මැයි මාසයේදී නව ගුරුවරුන් බඳවා ගැනීමේ විභාගය පැවැත්වීමට දින නියම කර ඇති බවත් එතුමිය පැහැදිලි කළාය.
එසේම අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කරන ලද්දේ, විද්‍යාපීඨවලින් ඉගෙනුම අවසන් කරන ගුරුවරුන් මේ වසරේදී ස්ථානගත කිරීමට බලාපොරොත්තු වන බවත්, විශේෂයෙන්ම ගුරු හිඟය පවතින ප්‍රදේශවලට ප්‍රමුඛතාවය ලබා දෙන බවත්ය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>





